ඈන් කුමරිය දළදා සමිඳු වැඳපුදා ගනී

මෙරට තෙදින නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය අද (11) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා.
ඇය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරනස් ඇතුළු රාජකීය දූත පිරිස කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින්.
අනතුරුව ඈන් කුමරිය ඇතුළු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ සමඟ සුහද කථාබහක නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඈන් කුමරිය විසින් ජනාධිපති මන්දිරයේ ඇති විශේෂ ආරාධිත අමුත්තන්ගේ සමරු පොතේ සටහහනක්ද තැබූ බවයි වාර්තා වන්නේ.

