ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිච් අද (11) සිට හෙට (12) දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව විදෙස් කටයුතු අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශය නිවේදනය කරන්නේ ජපාන් මුදල් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදෙස් කටයුතු අමාත්‍ය අලි සබ්රිව ද හමුවීමට නියමිත බවයි.
එමෙන්ම ජපන් මුදල් අමාත්‍යවරයා සහ දුත පිරිස පාර්ලිමේන්තුව, ජයවර්ධන මධ්‍යස්ථානය, ජයවර්ධනපුර රෝහල,කොළඹ තටාකාංගනය,මහරගම පිහිටි ලංකා නිපොන් බිසේටෙක් ආයතනයේ ද සංචාරය කිරීමට නියමිතයි.

