රෝහල්වල සේවකයින් “ලෙඩ” වෙද්දී, යුද හමුදාව “ලෙඩ්ඩු” වෙනුවෙන් කැපවුණ හැටි (Video)

රෝහල්වල සේවකයින් “ලෙඩ” වෙද්දී, යුද හමුදාව “ලෙඩ්ඩු” වෙනුවෙන් කැපවුණ හැටි (Video)

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අද (11) දිනයේ දී ද අඬපණ වී තිබෙනවා.

මේ හේතුවෙන් බදුල්ල මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යුද හමුදාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෙදියන්ගේ සේවය හා ඖෂධ නිකුත් කිරීම යනාදිය සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

බදුල්ල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසා සිටියේ මෙලෙස යුද හමුදාව කැඳවා රාජකාරී සිදු කරනු ලබන්නේ ජීවිත බේරාගැනීමට පමණක් බවත් ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමේ අරමුණින් නොවන බවත් ය.