කන්දකාඩුව යළි රත්වෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
මෙම ගැටුමෙන් රැඳවියන් 24 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
තවද පලාගිය රැඳවියන් 62ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, රැඳවියන් 28ක් සොයා මෙහෙයුම් සිදු කරන බවයි සඳහන් වන්නේ.

