බංකොලොත් රටක මුහුද මැද පාටි දැමීම මෘග ක්‍රියාවක්

බංකොලොත් රටක මුහුද මැද පාටි දැමීම මෘග ක්‍රියාවක්

ලංගම බස් රථවල ගමන් කිරීමේදී ටිකට්පත වෙනුවට විද්‍යුත් කාඩ්පතක් හදුන්වාදීම ඉදිරි මාස දෙක තුළදී සිදු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පැවැත් වූ බව කියන සාදයක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

රට බංකොලොත්වී දරුවන් කන්න නැතුව සිටිනා මොහොතක ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විස්කි බිබී මුහුද මැද පාටියක් දැමීම මහ මෘග ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මෙම පාටිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවී ඇතැයි පැවසූ විපක්ෂනායකවරයා දරුවන්ට වාර ප්‍රවේශ පත්‍රය දීමට නොහැකි ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට මුහුද මැද පාටි දැමීමට අවසර දීම අසාධාරණ බවද ප්‍රකාශ කළේය.

ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කණ්ඩායමක් වරාය අධිකාරියට අයත් හංසකාවා, දියකොවුලා ආදි යාත්‍රා පාවිච්චි කරලා මුහුද මැද ඉඳලා පාටියක් දාලා තියෙනවා. මේක බොරුවක් නොවේ. දූ දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර අහෝසි කරනවා.මෙයාල පාටි දානවා. කොහොමද රටට අයිති යාත්‍රා පාවිච්චි කරලා මුහුද මැද පාටි දාන්නේ? බංකොලොත් රටක විස්කි ගෙනල්ලා වරාය ආපනශාලාවේ කෑම ගෙනල්ල පාටි දානවා.බංකොලොත් රටක මෙහෙම පාටි දානවද.පෞද්ගලික මුදල් වලින් විසි හතර පැයේම පාටි දැම්මට කමක් නැහැ. පෞද්ගලික මුදලින් මොනවා කළත් කමක් නෑ. වැලි හාරන යන්ත්‍ර උඩ නැගලා මේ පාටිය දාලා තියෙන්නේ. මේ අය පිළිගන්න රතු කාපට් එකකුත් දාලා තිබුණා. මේක මහ මෘග ක්‍රියාවක්.

මම මේ කතා කරන්නේ රටට වැදගත් දෙයක්. මගේ කට වහන්න එපා. මේ රටේ කුඩා දරුවාගේ ඉඳලා මව්වරුන් දක්වා සියලු දෙනා දුක් විඳිනවා. හිටපු ජනාධිපතිවරයා නැව් දෙකක් අරගෙන මුහුද මැද පාටි දාන්නේ කොහොමද. යනුවෙන්

COMMENTS