භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල නිවේදනය කෙරේ

භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල නිවේදනය කෙරේ

සුදු සීනි, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් සහ සිල්ලර මිල රුපියල් 1,100ක් සහ 1,300ක් වන බව සඳහන්.

සුදු සීනි ක්‍රිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 280ක් වන අතර සිල්ලර මිල පරාසය පවතින්නේ රුපියල් 280ත් 320ත් අතරයි.

ආනයනික ලොකු ලුනූ කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 380ක් වන අතර, සිල්ලර මිල පරාසය වන්නේ රුපියල් 420ත් 580ත් අතර මිලක්.

හාල් මැස්සන් (ආනයනික) කිලෝවක තොග මිල දක්වා ඇත්තේ රුපියල් 1000ක් ලෙසයි.

එහි සිල්ලර මිල රුපියල් 1050 – 1400ත් අතර වනවා.

අල (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 140ක්.

සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 160 – 200ත් ලෙසයි.

මයිසූර් පරිප්පු කිලෝවක් රුපියල් 290කටත් සිල්ලර මිල 300 – 360ක මිලකටත් අලෙවි විය යුතුයි.

මෙම නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ සිල්ලර වෙළඳසැල්හිමියන් අසාධාරණ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බැවින් මෙම මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවයි.