සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් රතු එළියක්

සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් රතු එළියක්

තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ලබන අගහරුවාදා පැය 24ක ඒකාබද්ධ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක නියෝජිතයන් ඊයේ (12) කොළඹ දී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා.

මේ අතර සමස්ත ලංකා හෙද සංගමය අද සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත සංදේශයක් භාර දී තිබෙනවා.

ඒ දීමනා ගැටලුවට විසදුම් ලබා දී අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින්.

අදාළ සංදේශය අමාත්‍යවරයාට භාර දීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස් බී මැදිවත්ත කියා සිටියේ තම ඉල්ලීම් සඳහා විසදුම් නොලැබෙන්නේ නම් 17 වනදා හෙද වෘත්තිකයින් විසින් අමාත්‍යාංශය වටලන බවයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල (11) සහ (10) වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණේ රජය විසින් වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ අතර, සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායමක් අද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඊයේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

COMMENTS