අත්‍යවශ්‍ය වාහන සඳහා පමණයි නව ගැසට්ටුව – රංජිත් සියඹලාපිටිය

අත්‍යවශ්‍ය වාහන සඳහා පමණයි නව ගැසට්ටුව – රංජිත් සියඹලාපිටිය

වාහන ආනයනය කිරීමට අදාළව නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේ රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් ගෙන්වීම සඳහා පමණක් බවත්, එය පොදුවේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අදාළ ගැසට් නිවේදනය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කර තිබුණේ පසුගිය 11වැනිදායි.

එම ගැසට් නිවේදනයේ දැක්වුණේ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා බස් රථ දෙකක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ජංගම මාතෘ ඒකක 3 ක්, ඩබල් කැබ් රථ විසි එකක්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහා එස්.යූ.වී රථයක් එලෙස ගෙන්වීමට අවසර ලබාදී ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා පිරිමැසුම් පන්තියේ රැම්ප් රථ 3 ක් ගෙන්වීමටද එමගින් අවසර ලබාදී තිබුණා.