සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් හෙට වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව හෙට උදෑසන 06.30 සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, රජය විසින් වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000 දීමනාවට තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්.
මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන් මෙන්ම හෙද සේවාවද එක්වීමට නියමිතයි.
එමෙන්ම අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්,අක්ෂි තාක්ෂණවේදින්, දන්ත කාර්මිකයින්, මෙන්ම සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවා, සෞඛ්‍ය ගිලන් රථ සේවකයින් ඇතුලු වෘත්තීය සමිති 72 ක් එක්වනවා.
රුපියල් 35,000 දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පසුගිය සතිය පුරාවටම විටින් විට සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවකටයි.
ඒ අනුව අනිද්දා දිනයේදී දිවයින පුරා රෝහල්වල වෛද්‍ය සේවා සැපයීම හැර අනෙකුත් සේවාවන් අඩපණ වනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ.

