ලංකාවට කඩුළු 03ක ජයක්

ලංකාවට කඩුළු 03ක ජයක්

තරඟ 03කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ 20-20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (14) පැවති පළමු තරඟයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ සිම්බාබ්බේ කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 143ක ලබා ගැනීමට සමත් වුණේ ශ්‍රි ලංකා කණ්ඩායමට පිළිතුරු ඉනිමට ලකුණු 144ක ඉලක්කයක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහර දීමේදී සිම්බාබ්වේ කණ්ඩායමේ Sikandar Raza ලකුණු 62ක්ද, Tinashe Kamunhukamwe ලකුණු 26ක්ද, Sean Williams ලකුණු 14ක්ද ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Maheesh Theekshana සහ Wanindu Hasaranga කඩුලු 02 බැගින්ද, Dushmantha Chameera එක කඩුල්ලක් ද දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 144ක් ලබා ගනිමින් තරඟයේ ජය ලබා ගැනීමට සමත් වුණා.

Angelo Mathews ලකුණු 46ක් ද, Dasun Shanaka ලකුණු 26ක් ද, Kusal Mendis සහ Kusal Perera ලකුණු 17බැගින් ද, Charith Asalanka ලකුණු 16ක් ද, ලබා ගැනීමට සමත් වුණා.

නායක වනිඳු හසරංග කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී Sikandar Raza කඩුලු 03ක්ද, Blessing Muzarabani කඩුලු 02ක්ද, Richard Ngarava සහ Wellington Masakadza එක් කඩුල්ල බැඟින් ද දවාගත්තා.