සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳ යළි සළකා බැලීමට යයි

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳ යළි සළකා බැලීමට යයි

ඉහළ දැමුණු සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු වැඩිදුර සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

මත්පැන් නිෂ්පාදනය කරන ආයතන සහ සංගම්වල විරෝධතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමනු ලැබුවේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.