අවලෝකේතීශ්වර රිමාන්ඩ්

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු ලබන ජනවාරි 24 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
එහිදී සැකකරු අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කර, ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොල්සිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ.

