බන්ධනාගාරවල තදබදය ඉහළට

බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය 232%ක් දක්වා ඉහළ නැඟ ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වෙනවා.
එහිදී රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැයවන බවද එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම සමස්ථ රැඳවියන්ගෙන් 53%ක් මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බවද එම වාර්තාවේ සඳහන්.
බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින අතර, දැනට ඇති වැසිකිළිවලින් 287ක් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින බවත් විගණන වාර්තාවේ දැක්වෙනවා.
බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රැඳවියන් 1795 දෙනෙකු බන්ධනාගාර ගතව සිටින බවයි එහි සඳහන්.

