ඔබත් ONLINE ණය ජාවාරම්කරුවන්ට හසුවුණාද ?

දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම වැටලීම සිදු කර තිබුණා.
මීට අමතරව එම ආයතනය සතුව තිබූ desktop පරිගණක අටක් laptop වර්ගයේ පරිගණක දහතුනක් ජංගම දුරකථන හතළිස් නමයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
මෙහිදී මාර්ගගත ණය ලබා ගැනීමේදී ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයෙහි ඇති පෞද්ගලික තොරතුරු මත එම පුද්ගලයාට තර්ජනය කරමින් නැවත මෙම මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පවත්වනු ලබන අතර මේ සම්බන්ධව පැමිණිලි තිබේ නම් ළඟම ඇති පොලිසි ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාශයට ලබා දෙන ලෙස මහජනතාවට දැනුවත් කරනවා.

