තේ පොහොර මිල පහළට

තේ පොහොර මිල පහළට

තේ වගාව සඳහා යොදන පොහොර වර්ග කිහිපයක මිල රුපියල් 2000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

ඒ අනුව T-750, T-709 සහ T- 200 යන පොහොර කාණ්ඩයන් හි මිල අඩු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම කාණ්ඩයන්හි පවතින විකුණුම් මිලට වඩා 50%කින් මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අනුව, T-750, T- 709, පොහොර මිටියක මිල රුපියල් 7735 දක්වාත්, T-200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත්, අඩු කිරීමට පියවර ගන්නා ලෙස රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, මෙම පොහොර සහනාධාරය කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාවට ලබා දෙන අතර, මහා පරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත පොහොර කාණ්ඩයන් රුපියල් 9935ක මුදලට ලබා දීමටයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.