බිත්තර මිල තවත් අඩුවෙන ලකුණු

ඉහළ ගොස් ඇති බිත්තරයක මිල ඉදිරියේ දී තවදුරටත් අඩුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පෙරේදා (14) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
රුපියල් 65ක සීමාව දක්වා ඉහළ ගිය බිත්තරයක මිල මේ වනවිට 50ත් 55ත් අතර සීමාවට පැමිණ තිබෙනවා.

