සිම්බාබ්වේට පෙරළිකාර ජයක්

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජය හිමිකර ගැනීමට සිම්බාබ්වේ සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකාව ලබාදුන් 173ක ඉලක්කය පන්දුවාර 19.5ක දී අභිබවා යමින් ලකුණු 178 ලබා ගෙන තරගය ජය ගත්තා.
පන්දු යැවීමේ දී මහිෂ් තීක්ෂණ ලකුණු 25ක් ලබා දී කඩුලු 02ක් දවා ගත්තා.
එමෙන්ම දිල්ෂාන් මධුශංක ලකුණු 24 ලබා දී හා කඩුලු 01ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර ලකුණු 30ක් ලබා දී කඩුලු 02ක් ලබා ගැනීමට සමත් වුණා.
එමෙන්ම නායක වනිඳු හසරංග ලකුණු 41ක් ලබා දී කඩුලු 01ක් බිඳ හෙලුවා.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Craig Ervine පන්දු 54ක දී ලකුණු 70ක් ද Brian Bennett පන්දු 20ක දී ලකුණු 25ක් ද Luke Jongwe පන්දු 12ක දී ලකුණු 25ක් රැස් කරමින් තරගයේ ජයාග්රාණය කරා රැගෙන ගියා.
තරග 03කින් සමන්විත T20 තරගාවලිය තරග 1 – 1 ලෙස සම තත්ත්වයේ පසුවෙනවා.
අවසන් T20 තරගය ජනවාරි හෙට (18) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගයේ දී පැවැත්වීමට නියමිතයි.

