ලිට්‍රෝ සමාගම ගැන විශේෂ නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු බව සඳහන්.
රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට අනුව, මෙම ක්‍රියාවලිය 2024 ජනවාරි 16 සහ 2024 ජූලි මුල අතර සිදු වීමට නියමිතයි.
ලංසු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 පෙබරවාරි 16 වන දින පස්වරු 02.00 වන අතර කෙටි ලැයිස්තුගත ලංසුකරුවන් තෝරා ගැනීම මාර්තු මස මුලදී සිදු කෙරෙන බවයි රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරිමේ ඒකකය සඳහන් කරන්නේ.

