මාලිමාවේ රජයක් තුළ ගණිකා වෘත්තිය නීතිගත කරනවා

මාලිමාවේ රජයක් තුළ ගණිකා වෘත්තිය නීතිගත කරනවා

ජාතික ජන බලවේග රජයක් තුළ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර තිබෙනවා.

ඇය වැඩිදුරටත් පවසන්නේ ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බවයි.

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතල ලෙස අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සතුව ඇති බවයි සමන්මලී ගුණසිංහ සඳහන් කරන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ,

”රටේ පවතින තත්ත්වය එක්ක කාන්තාවන්ට පවුල තුළ ලොකු ආර්ථික පීඩනයක් තියෙනවා. ඒත් එක්ක ගැහැණිය අනාරක්ෂිත වෙලා. ගැහැණියට එළියට, ස්පා එකට යන්න වෙලා තියෙනවා. ස්පා එක හොඳයි. හැබැයි අපේ ස්පා එක බවට පත්වෙලා තියෙන්නේ වෙනමම කාර්යයක්. ගණිකා වෘත්තියට යම් නීති පද්ධතියක් ඕනේ. හැබැයි මේක අපි ප්‍රමෝට් කරන්නේ නැහැ. වෙනත් වෘත්තියක් ඇයට දෙනවා නම් ගරුත්වයෙන් වැඩ කරන්න පුළුවන් රැකියාවක් දෙනවා නම් ඇගේ ශ්‍රමය අමානුෂික ලෙස සූරා නොකන රස්සාවක් අපට දෙන්න පුළුවන් නම් ලිංගික ශ්‍රමිකයා කියන වෘත්තිය නැති කරන්න පුළුවන්. ජාතික ජන බලවේගයට ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිගන්නවා” යනුවෙන්

https://youtu.be/Zz_KxxVPpxs