ලංවීම සේවකයින්ගේ වාරණය දීර්ඝ කෙරේ

ජනතාවට පිඩාවක් වන පරිදි කිසිදු වර්ජනයක නිරත වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ එහි නිලධාරින් 96 දෙනෙකුට නිකුත් කළ වාරණ නියෝගය ලබන මස පළමුවනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන හමුවේ ඊයේ (18) කැඳ වූ අවස්ථවේ දී.
විදුලි බලමණ්ඩලයේ වෘත්තීය සමිති විසින් දෙසැම්බර් 20 වනදා විදුලිබල අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය අනුව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මහජනයාට පිරිමැසිය නොහැකි අගතියක් සිදුවන බව එම පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දුන්නා.
එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පින්ගේ සංගමය, මානව සම්පත් වෘත්තිකයින්ගේ සංගමය, ලංකා විදුලි සේවක සංගමය ඇතුළු සංගම් සහ එහි නිලධාරීන් ඇතුළු පාර්ශ්ව 96ක් නම් කර තිබුණා.

