ස්ථීර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බරයේ සිට

ස්ථීර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බරයේ සිට

රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී මේ වනවිට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසදන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (17) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි.