නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරින්ගේ වැඩ තහනම්

නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරින්ගේ වැඩ තහනම්

නාරම්මල ප්‍රදේශයේ දී වෙඩි වැදී පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඊයේ (19) දිනය සිට ක්‍රියාත්මක වන පරිදි මොවුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බවයි.

අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹාගෙන ගොස් එම ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ උපපොලිස් පරීක්ෂකවරයා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, ඔහු නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර නාරම්මලදී වෙඩි වැදීමකින් මියගිය ලොරි රථ රියදුරුගේ පවුලේ ඥාතීන් වෙත වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රුපියල් මිලියනයක මුදලක් ද පරිත්‍යාග කර තිබෙනවා.

COMMENTS