වැඩ බලන පොලිස්පති ගෙන් නිලධාරින්ට නව උපදෙස් මාලාවක්

වැඩ බලන පොලිස්පති ගෙන් නිලධාරින්ට නව උපදෙස් මාලාවක්

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඒ මහතා පැවසීය.

පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

COMMENTS