ධම්මික පෙරේරා ජනපති සටනෙන් තාවකාලිකව ඉවත් වෙයි

ධම්මික පෙරේරා ජනපති සටනෙන් තාවකාලිකව ඉවත් වෙයි

ජනාධිපතිවරණ සටනින් තාවකාලිකව ඉවත් වීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මේ වන විට එජාපයේ ප්‍රධානීන් ගෙනයන මාධ්‍ය ප්‍රචාරය හමුවේ ඔහු මෙසේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර අවස්‍ථාවලදී ව්‍යාපාරික ධම්මික පෙරේරා සඳහන් කළේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදීමට සූදානම් වී සිටින බවයි.

ඒ සඳහා එම පක්ෂයෙන් තමන්ට කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති බවත්, තමන් එම කොන්දේසි සපුරාලීමට සුදානම් බවත් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දු කිරීමට සූදානමින් සිටින්නේ අප්‍රේල් මස මුල් සතියේදීයි.

ඒ අනුව, පොදුජන පෙරමුණ ද ජනාධිපතිවරයා පිළිබඳ තීන්දුවක් ගැනීම ලබන මාර්තු මාසය දක්වා කල් දමා ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.