නාමල්ගෙන් ගමට “දස බල සේනාවක්”

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන ” දස බල සේනාවක්” සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීමට තමා යන බවද නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මොරටුවෙන්”දසබල සේනා” වැඩසටහන අද (22) සිට ආරම්භ කරන බව කී රාජපක්ෂ ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව සඳහන් කළේය.

