වැඩ බලන ආරක්ෂක ලේකම් තනතුර සමන් දිසානායකට

වැඩ බලන ආරක්ෂක ලේකම් තනතුර සමන් දිසානායකට

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායකව වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එය අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යළි දිවයිනට පැමිණෙන දිනය දක්වා බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

COMMENTS