උද්ධමනය ඉහළට

පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී උද්ධමනයෙහි වැඩිවීමක් පෙන්නුම් කරනවා.
2023 නොවැම්බර් මාසයේ 2.8%ට සාපේක්ෂව, 2023 දෙසැම්බර් මාසයේදී 4.2% දක්වා මෙම වර්ධනය පෙන්නුම් කරන බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.
එමෙන් ම ආහාර-උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ සිට 1.6% දක්වා වැඩි වී තිබෙනවා.
ආහාර නොවන උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ 7.1% සිට 2023 දෙසැම්බර් මාසයේදී 6.3% දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

