2022 මැයි සිට 2023 දෙසැ 31 කාල සිමාවේ කර්මාන්ත 77,118ක් වැහිලා

2022 මැයි සිට 2023 දෙසැ 31 කාල සිමාවේ කර්මාන්ත 77,118ක් වැහිලා

ගෙවීගිය 2022 වර්ෂයේ මැයි මාසයේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළදී මධ්‍ය පරිමාණ, කුඩා සහ ඉතා කුඩා කර්මාන්ත 77,118ක් පමණ වැසී ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජනවාරි 19දා ඉදිරිපත් කර ඇති දත්ත අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

2020 වසරේකර්මාන්ත සංඛ්‍යාව 87,907ක් වැසී ගොස් ඇති බවත් ඒ වන විට පැවති ආර්ථික අර්බුදය, කෝවිඩ් වසංගතය සහ රාජ්‍ය ප්‍රතිපත්තිවල දුර්වලතා නිසා රට පුරා විසිර පවත්නා මෙවැනි කර්මාන්ත විශාල ප්‍රමාණයක් පසුගිය වසර තුළදී වැසී ගොස් ඇති බවත් මහාචාර්යවරයා සඳහන් සඳහන් කළේය.

රටේ දළ දේශීය නිෂ්පාදනය, සේවා නියුක්තියට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය සඳහා දැඩිව බලපා ඇති බව සඳහන් කළ මහාචාර්යවරයා,මෙවැනි කර්මාන්ත වැසීයාමෙන් රටේ ජනතාවට විශාල වශයෙන් අහිතකර තත්ත්වයක් මතුව ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

COMMENTS