උසස් පෙළ අවසන් කරන සිසු සිසුවියන්ට වෘත්තීය අධ්‍යාපනයක්

උසස් පෙළ අවසන් කරන සිසු සිසුවියන්ට වෘත්තීය අධ්‍යාපනයක්

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත වෘත්තිය අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ලබන මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන සිසු සිසුවියන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් එය ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී මෙය ක්‍රියාවට නංවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

COMMENTS