ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම්වලට සෞඛ්‍ය ඇමතිගේ අවධානය

බටහිර වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සිදු කළ ඉල්ලීමකට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ අවධානය යොමුව තිබෙනවා
ඒ එම වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අවස්ථාවේ ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එම නියෝජිතයින් සාකච්ඡාවකට කැඳවූ අවස්ථාවේදීයි
එහිදී ආයුර්වේද වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම්වල යම් සාධාරණත්වයක් තිබෙන බවත් එම ඉල්ලීම් පිලිබදව සෞඛ්‍ය අමාත්‍යංශයට ඍජුව තීරණයක් ගැනීමේ හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවා.
මේ පිළිබඳ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ජා කර ගනු ලබන තීන්දු තීරණ පිළිබදව ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම, අමතර දීමනා ලබා දීමේ දී ඒ පිළිබදව අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා වෙත අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත්තේ.

