වැරදි කරන රියදුරන්ට සතියක සහන කාලයක්

වැරදි කරන රියදුරන්ට සතියක සහන කාලයක්

කොළඹ නගරය තුළ සී සී ටීවී මගින් රථ වාහන වැරදි නීරීක්ෂණයට අදාළ දඩ පත්‍රිකා ලබන මස 1 වනදා සිට නිකුත් කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව සතියක කාලයක් රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ඊට අදාළ උපදෙස් පත්‍රිකාවක් යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.

මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඹා යෑම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන නව සී සී ටී වී නිරීක්ෂණ ක්‍රමවේදය ඊයේ දියත් කෙරුණු අවස්ථාවට එක් වෙමින් වැඩ බලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ද එක්ව සිටියා.

මෙම වැඩසටහන යටතේ කොළඹට ඇතුළු වන වාහන සී සී ටී වී කැමරා 108කින් නිරීක්ෂණය කිරීම සිදු කෙරෙනවා. දුර බැහැර සිට කොළඹට පැමිණෙන යම් රියැදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර හසුවුවහොත් ඊට අදාළ දඩ පත්‍රිකාව ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා නිකුත් කිරීම සිදු වනු ඇති.

COMMENTS