මැති සබේ සම්මත වුණ Online කෙටුම්පත

මැති සබේ සම්මත වුණ Online කෙටුම්පත

Update:- මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට දැන්වීය.

එහි දී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමි විය.


ඔන්ලයින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.

ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුවය.

එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය.