චමරි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද වසරේ එක් දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.
ඇය පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ වසරේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස ද නම් කර තිබුණා.
33 හැවිරිදි චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක් දින තරග 98කට සහ 20 – 20 තරග 122කට ක්‍රීඩා කර තිබෙනවා.

