සනත් නිශාන්තගේ මරණයට හේතු

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියගොස් ඇත්තේ පපුවට සහ වම් පාදයට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මරණ පරීක්ෂණයේදී සඳහන් කර තිබෙනවා.
සනත් නිශාන්තගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.
සනත් නිශාන්තගේ මෘත දේහය බාහිරින් සහ අභ්‍යන්තරව පරීක්ෂා කිරිමෙන් අනතුරුව මියගිය සනත් නිශාන්තගේ සහෝදරයෙක් සහ මිතුරෙක් විසින් ඔහුගේ දේහය හඳුනා ගැනුණා.

