ඔන්ලයින් පනතට ආසියානු අන්තර්ජාල සන්ධානයෙන් නිවේදනයක්

ඔන්ලයින් පනතට ආසියානු අන්තර්ජාල සන්ධානයෙන් නිවේදනයක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් Apple, Google, Meta, Amazon සහ Yahoo වැනි තාක්ෂණික සමාගම් ඇතුළත් ආසියානු අන්තර්ජාල සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ එම පනත් කෙටුම්පත වත්මන් ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට මෙන්ම ඍජු විදේශීය ආයෝජන සඳහා අහිතකර අන්දමින් බලපානු ඇති බවය.

එමෙන්ම හියුමන් රයිට්ස් වොච් ආයතනයද නිවේදනයක් නිකුත් කර තිබුණි.

යෝජිත කෙටුම්පත මේ වසරේ ජනාධිපතිවරණයකට සහ පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානම් වන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරන බව අදාළ නිවේදනයේ සඳහන් ය.

https://shorturl.at/zSTW9