කන්ටේනර් ගාස්‍තු ඉහළ දැමීමට සැරසෙයි

කන්ටේනර් ගාස්‍තු ඉහළ දැමීමට සැරසෙයි

පෙබරවාරි පළමු වැනිදා ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වුවහොත් ඊට සමගාමීව බහලුම් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමන බව බහලුම් ප්‍රවාහන රථ සංගම් සඳහන් කරනවා.

ඉන්ධන මිල වැඩි වීමක් සිදු නොවන්නේ නම් බොහෝ දුරට ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමක් සිදු නොවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම බහලුම් ප්‍රවාහන රථ සංගම් පවසන්නේ එකතු කළ අගය මත බද්ද හෙවත් VAT ඉහළ යාම නිසා වාහන අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බැවින් මේ වන විට අර්බුදකාරී තත්ත්වයටකට ඔවුන් මුහුණ දී ඇති බවයි.

COMMENTS