කුරුඳු වැඩ අලුත් තැනකට

කුරුඳු වැඩ අලුත් තැනකට

ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

දැනට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය අලුතින් ස්ථාපිත කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කටයුතු සඳහා නව දෙපාර්තමේන්තුව වෙත පවරා දීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ අනුව ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය සහ එහි සියලුම වත්කම් මෙන්ම කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සියලුම කාර්යයන් හා කර්තව්‍යයන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරාදීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.