සනත් නිශාන්තගේ දේහය පුත්තලමට

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පුත්තලම ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයට රැගෙනවිත් තිබෙනවා.
බොරැල්ල සිට රැගෙන ආ දේහයට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස විශාල ජනතාවක් රැස්ව සිටි අතර, කාර්යාලය වෙත ද මේ වන විට විශාල ජනතාවක් එක්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු මෙන්ම මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත පැමිණ සිටියා.
අද පෙරවරුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අද දහවල් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.

