ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි

ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳව සහ පිරිමි ළමයින් දූෂණය කිරිම සම්බන්ධයෙන් නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සහ පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කරමින් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ඒ සඳහා නීතිපතිවරයා නිෂ්කාශනය ලැබී ඇති අතර, එය ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

COMMENTS