උමාඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ලබන මාසයේ ජාතික විදුලි පද්ධතියට

උමාඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ලබන මාසයේ ජාතික විදුලි පද්ධතියට

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ජලය මත පාවෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 3077ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ජලාශ 31ක් මේවන විට හඳුනාගෙන ඇති බවයි

මෙම වසරේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉහළ නංවමින් ජාතික ආහාර සුරක්ෂිතතාවය උදෙසා උපරිම දායකත්වයක් ලබාදීමට අරමුණු කරගෙන ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

වාරිමාර්ග අමාත්‍යාංශය හරහා මහා පරිමාණ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මේවන විටත් ක්‍රියාත්මක කර අතර එම ව්‍යාපෘති අතරින් බහුතරයක් විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙනවා

එසේම ජාතික විදුලි පද්ධතියට සූර්ය සහ ජල විදුලිය එකතු කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් ද මෙම වසරේ ක්‍රියාත්මකයි