චමරි 2024 කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියට

2024 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව චමරි අතපත්තුට හිමි වී තිබෙනවා.
UP Warriorz ශ්‍රී ලංකා නායිකාව සහ 2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වන චමරි අතපත්තු, ඉදිරි කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරඟාවලියෙන් ඉවත් වූ Lauren Bell වෙනුවට ඇයගේ මූලික මිල සඳහා අත්සන් කර තිබෙනවා.
ඒ ඉන්දීය රුපියල් මිලියන 3 සඳහා බවයි සඳහන් වන්නේ.

