නිදහස් උත්සවයේ පෙරහුරු දින වල වෙනසක්

නිදහස් උත්සවයේ පෙරහුරු දින වල වෙනසක්

ගාලු මුවදොර දී මෙවර පැවැත්වෙන 76වන නිදහස් දින සැමරුම සඳහා පෙරහුරු දිනය 30වෙනිදා බවට පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, ජනවාරි 30වැනිදා සිට පෙබරවාරි මස 03වැනිදා දක්වා ගාලු මුවදොර පරිශ්‍රයේදී එම පෙරහුරු කටයුතු පැවැත්වෙන බවයි එම නිවේදනයේ සඳහන්,

මීට පෙර අද (27) පස්වරුවේ ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කර සිටියේ පෙරහුරු කටයුතු 29වැනිදා ආරම්භ කෙරෙන බවයි.

කෙසේ වෙතත් එම දිනය 30වැනිදා දක්වා සංශෝධනය කළ බවයි එම නිවේදනයේ සඳහන්.

COMMENTS