දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය පෙබරවාරි මස 7 සහ 8 දෙදින වසා තැබෙන බවයි.
මෙලෙස වැසීමට හේතුව වන්නේ එම දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියාවක් සඳහා ය.
ඒ අනුව 7 වැනිදා පෙරවරු 7.00 සිට පෙරවරු 10.30 දක්වා අර්ධ වශයෙන් ද, එදින පෙරවරු 10.30 සිට රාත්රී 10.30 දක්වා සම්පූර්ණයෙන් වසා දමන බව සඳහන් වේ.
එමෙන්ම, 8 වැනිදා පෙරවරු 6.00 සිට රාත්රී 10.30 දක්වා අර්ධ වශයෙන් ද වසා තැබෙයි.
කෙසේ වෙතත්, කැකිරාව – ගනේවල්පොල මාර්ගයේ ඇති මෙම දුම්රිය හරස් මාර්ගය අර්ධ වශයෙන් වසා තබන කාලය තුළ දී වාහන ධාවනය හසුරුවන බවත් සම්පූර්ණයෙන් වසා තබන කාලයේ දී විකල්ප මාර්ග භාවිත කළ යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

