සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද (28) රාජකදලු‍ව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේ ඉදිකරනු ලැබූ තාවකාලික ශාලාවක තැන්පත්කර තිබෙනවා.

එමෙන්ම, දේහය එම පරිශ්‍රයට රැගෙන ආ අවස්ථාවේ සිටම මේ දක්වා දේශපාලනඥයින්, නෑ හිතවතුන් මෙන්ම පාක්ෂිකයන් විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණෙමින් සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අතර මෙම රිය අනතුරෙන් මියගිය රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාගේ අවසන් කටයුතු මහනුවර – හෑදෙණිය – මරවනාගොඩ පොදු සුසාන භූමියේදී ඊයේ (27) සිදුකළා.

එමෙන්ම, රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරුගේ දුරකථනය ද පරීක්ෂණ කටයුතු සදහා පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික නියෝගකර තිබෙනවා.

ඒ, රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.