කොළඹ එනවා නම් මේ ගැන දැනුවත්ව එන්න

76වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පැවැත්වීමට නියමිත 30,31,01,02,03 යන දිනයන්වලත් නිදහස් උත්සවය පැවැත්වෙන දිනයේත් ක්රියාත්මකවන රථවාහන සැලැස්ම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව කොළඹ ප්රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳ එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු සඳහා පෙරවරු 6.00 සිට දහවල් 12 දක්වාද නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03වැනි දින පස්වරු 02.00 සිට නිදහස් උත්සවය අවසන් වනතුරු ක්රියාත්මක රථවාහන සැලැස්ම පහත පරිදි වේ.



