ගොවි පවුල් ලක්ෂ 20කට උරුමයෙන් ඔප්පු

‘උරුමය’ වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා නිදහස් ඔප්පු ලබාදීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසනවා.
‘උරුමය’ වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනාවලියෙන් රුපියල් බිලියන 02ක් වෙන් කරනු ලැබුවා.
උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ නිදහස් ඔප්පු 10,000ක් ප්රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්රීඩාංගණයේදී පෙබරවාරි මස 05 වැනිදා පැවැත්වීමට නියමිතයි.

