කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

පසුගියදා පැවති 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් අවලංගු කරන ලද කෘෂි විද්‍යාව විෂය ප්‍රශ්න පත්‍රය විශේෂ විභාගයක් ලෙස නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම විෂයෙහි නැවත විභාගය පැවැත්වෙන දිනයන් ලෙස පෙබරවාරි මස 01වැනිදා උදෑසන 08.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයත්, එදිනම පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා එම විෂයෙහිම පළමු කොටසත් පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව එම විභාගය සඳහා පෙනී සිටින සියළු අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක් මේ වන විට නිකුත්කර තිබෙන බවත්, පාසල් විභාග අපේක්ෂකයින්ට එය විදුහල්පතිවරුන් හරහා ලබාගත හැකි බවත්, පෞද්ගලික අපේක්ෂයින් සඳහා ප්‍රවේශ පත්‍ර මේ වනවිට තැපෑලට යොමුකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම එම විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු අපේක්ෂකයෙක් වේනම් “https://www.doenets.lk/” නිල වෙඩ් අඩවියට පිවිසීමෙන් බාගත කර ගැනීමේ හැකියාවද පවතිනවා.

COMMENTS