සෆාරි ජීප් රථ ගාස්තු ඉහළට

සෆාරි ජීප් රථ ගාස්තු ඉහළට

යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බව යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා පවසනවා.

එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මහේන්ද්‍රා මැක්සි සහ ටාටා රථයක පැය 04ක සංචාරයක ගාස්තුව රුපියල් 11,000 සිට රුපියල් 13,000 ක් දක්වාත් දිනක සංචාරයක ගාස්තුව රුපියල් 26,000 සිට 28,000 දක්වා ඉහළ දමා ඇත.

ටොයෝටා හයිලැක්ස් සහ මිට්ෂුබිෂි රථයක පැය 04 ක සංචාරයක ගාස්තුව රුපියල් 13,000 සිට රුපියල් 15,000 ක් දක්වාත් දිනක සංචාරක ගාස්තුව රුපියල 28,000 සිට 30,000 දක්වා ඉහළ දමා ඇත

COMMENTS