පේරා සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට අද (31) පස්වරුවේ පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන ගලහා මංසන්ධියට පැමිණි අවස්ථාවේදී මෙම කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කළ බවයි වාර්තා වෙන්නේ.
වැට් බද්ද පහත හෙළීම සහ ශිෂ්‍ය මර්දනය නවතන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණා.

