අමාත්‍යාංශ සඳහා වාහන ආනයනයට අනුමැතිය

අමාත්‍යාංශ සඳහා වාහන ආනයනයට අනුමැතිය

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය ලිහිල් කිරීමේ පියවරක් ලෙස ඉදිකිරීම් වාහන සහ ගිලන් රථ හැර මෝටර් රථ ආනයනය රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, වාහන ආනයනය සඳහා වරාය, නාවික හා ගුවන් සේවා සහ අධ්‍යාපන අමාත්‍යාංශ මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම්වලට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවද සඳහන්.

ඒ අනුව පහත සඳහන් වාහන ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා බෑවුම් සහිත වාහන 3ක්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් පරිත්‍යාග කරන ලද ජංගම මාතෘ ඒකක 3ක් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සපයන ලද ද්විත්ව කැබ් රථ 21ක් ඒ අතර වෙනවා.

එමෙන්ම රැකියා බලපත්‍ර ක්‍රමය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඇතිකරගත් ගිවිසුම යටතේ කොරියානු අරමුදල් ව්‍යාපෘතිය සඳහා වාහනයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයන විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බස් රථ 2ක් ද ඊට ඇතුළත්.

COMMENTS